Advertise

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්ඇති ඒ කා‍ලේ
නිවන් දකින්නට පිං මදි වෙන්ඇති
එකයි තවමත් සංසාරේ...//

දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වදින්ට ඒ කාලේ
නිවන්දකින්නට පිං මදි වෙන්ඇති
ඒකයි තවමත් සංසාරේ

බුදුහාමුදුරුවො....//

අපිත් එක්ක සිටි අපේම යාළුවෝ
නිවන් දකින්ඇති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පිං පුරවමු අපි සංසා‍රේ

බුදුහාමුදුරුවො...//

0 comments:

Post a Comment

 
Top