Advertise

දෛවයේ සරදමෙන් වෙන්වෙලා අපි අපෙන්
බොහෝ කල් ගත වුණත් ළං වෙන්න බෑ යළිත්
හුරු පුරුදු තනිකමෙන් හිත පෙඟිලා සත්තකින්
වැරැද්දක් වුණා නම් සමාවෙනවද මගෙන්//

හමුවන්න බැරි ලෙසම දුරකට වුණත්
කවුරුත්ම පෙම් කෙරුවේ නෑ ඔය තරම් //
දැන උන්නානම් විඳවන තරම්
සමුගන්නේ නෑ මගේ රත්තරන්

මියැදෙන්න පෙර ආයේ මුණගැහුණොතින්
හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන් //
දැන උන්නානම් විඳවන තරම්
සමුගන්නේ නෑ මගේ රත්තරන්

දෛවයේ සරදමෙන්....

0 comments:

Post a Comment

 
Top