Advertise

ඇස්‌ ආදරෙන් පුරෝනා
හිත පාලුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ
මා හදවතින්ම උමතු වී තියේ

ඔබ සිහිවන හැම මොහොතක්‌ ගානේ
දැක ගන්නට ඔබ මා ළඟ නෑනේ
නුදුරේදිම කරගන්නට මාගේ
අවසර දෙන්නට පමනයි ඕනේ
ඉඩ දෙන්නම් පපුතුරේ
නැලවෙනු මැන සොඳුරියේ
මට ඔබම තමයි ඕනා

ඇස්‌ ආදරෙන් පුරෝනා...........

රැක ගන්නම් ජීවිතයම වාගේ
එක සැරයක්‌ හද ගත්තා නම් මාගේ
සැනසෙන්නට හැමදාමත් ආයේ
එනවද හිමිකම ගන්නට මගෙ හීනේ
නොසිඳෙන මහ සාගරේ
තරමට මගෙ ආදරේ
මට ඔබම තමයි ඕනා

ඇස්‌ ආදරෙන් පුරෝනා...........


0 comments:

Post a Comment

 
Top