Advertise

සංසාරේ පැතු පැතුම් නිමා නොවෙනා
මෙතේ බුදුන් දැක නිවන් මඟට යන දා
මගේ මවුන් ලෙස භවෙන් භවේ වඩිනා
අම්මා සදාදර ඔබයි මගේ අම්මා

පියෙකුගෙ සෙනෙහස උදුරාගෙන ගිය
පියා නොමැති ලොව හිරු සදිසි
මගෙ දිවි අරණට සඳ හිරු ඔබ විය
හෙලූ කඳුළු කැට දිරිය වුනී

අම්මා සදාදර ඔබයි මගේ අම්මා

මෙත් මුදිතා හද සවනක් රැස් මැද
මගේ පුංචි ලොව ඔබ සුරකී
හදේ තෙතක් නැති පියා නොමැති ලොව
දිරිය මවුනි ඔබ බුදුවන්නී

අම්මා සදාදර ඔබයි මගේ අම්මා

සංසාරේ පැතු........

0 comments:

Post a Comment

 
Top