Advertise

තනි කම හුරු දෙනෙත පුරා
උණු කඳුලැලි රුරාගියා
ඔබ නෑ නෙත් මානේ
හමුවේවිද ආයේ

තනි කම හුරු........

සිතු පැතුමක කදුලු තියා
මදි නොකියම ඉවත ගියා
හිමි දුක පිස දමමි කියා
සමනලියක් තුරුලු වුනා

මා හදේ ගලනා
මේ දුක තාම ඔබ දන්නේ නෑ //

තනි කම හුරු.........

තනිවුනු දුක මගෙම වෙලා
දින එක එක ගෙවිල ගියා
ඔබ ආවත් සිනහ වෙලා
මගෙ හිත සනසන්න කියා

මහදේ ගලනා
මේ දුක තාම ඔබ දන්නෙ නෑ //

තනි කම හුරු.........


0 comments:

Post a Comment

 
Top