Advertise

සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා
නෞකවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ...

තරු එලියෙන් රුදු රාත්‍රි කාලයේ.. දැඩි සිතකින් දුර ගමන යමි ඉතින්
කිසිදින අප හමුනොවන බව දනිම්
සිහිනය මියයා යුතුය මේ ලෙසින්

සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා
නෞකවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ...

දිවයුරු සැඟවෙන මොහොතක තනිවී ඉකි බිඳිනෙමි වියරුවේ පාලුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යලි දකිනතුරු දොරින්...

සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා
නෞකවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ...

0 comments:

Post a Comment

 
Top