Advertise

සුවද දෙන මල් වනේ බිගුන් බැදිලා
කදුළු බිදු නිල් නුවන් පුරා රැඳිලා
ඔබේ ළමැදේ සෙනේ මැදුරේ සුසුම් නැගිලා
සුවද දෙන මල් වනේ බිගුන් රැදිලා
කදුළු බිදු නිල් නුවන් පුරා රැඳිලා

මේ නුරා සැදෑ කලේ සෝ සුසුම් හෙලා
ඈත තාරකා දිහා නිල් නුවන් යොමා
ඒ ඔබේ සුපෙම්වතා ඒවිදෝ බලා
නෑ පලේ තැවී හඬා වේදනා දරා...වේදනා දරා

සුවද දෙන මල් වනේ බිගුන් බැදිලා
කදුළු බිදු නිල් නුවන් පුරා රැඳිලා

මේ ලොවේ දිනු අපේ ජීවිතේ කෙටි
කාලයේ රහස් වසා ජීවිතේ ගලයි
මේ කුලුත් පියා සලා කුලින් කුලේ රැඳෙයි
ආදරේ අමා හැගුම් මා සිතේ නැගෙයි...මා සිතේ නැගෙයි

සුවද දෙන......


0 comments:

Post a Comment

 
Top