Advertise

පුංචි පුතු මගේ
හිනැහෙන්න මං වගේ
හමදාම හැමදෙනාම කියනවා
ලස්සනයි පුතේ
ඔය රන් සිනා නුඹේ
අම්මටයි මටයි වාසනා

මා ගිටාරය වයා
ගීත ගයනවා බලන්
නටයි පුතු මගේ ළග ඉදන්
පුංචි පා තබා
අත් පුඩි තට පට ගාලා
ගසමින් මා පුතු හිනැහෙනවා

කාලය ගෙවිලා
පුංචි පුතු ලොකුවීලා
සුන්දරවු මතු අනාගතේ
අම්මටයි මටයි රටටයි
නොම බරක් වෙලා
හොද මිනිහෙක් වෙන්න සුදු පුතේ


0 comments:

Post a Comment

 
Top