Advertise

කඳුලින් මේ දෑස පොඟවා
සැඟවීලා යන්න මත්තෙන්
රහසේ ඔබෙන් සමුගන්නම්
කදුළු දරා මේ දෙනෙතින්

තනිවී දුක් සුසුම් දරා
හිදින්නම් ඔයා වෙනුවෙන්
ඇයි මා ඔබට ආදරය කරේ
අදටත් නොදනී මා නම්

දුර අතීතයේ හීන ගල්ගැසී සුසුමේ දුක් විදිනවා
වේදනාවන් උරුම කරදී කව්දෝ නෙතු හොයනවා
ඔබගැන තැවිලා දොස් පවරා පලනැති බව දන්නවා
දුක උහුලන් මා ඉන්නම් යන විට ඔබ වෙන්වෙලා
ඔබ වෙන් වෙලා දැන් යයි කියා සිත කියනවා

කඳුලින් මේ දෑස පොඟවා //

කී කාරනා මුසාවක් වෙලා සිත තුල දුක් විදිනවා
ජීවිතෙන්ම මන් පෙම් කෙරු නිසා මෙතරම් දුක් විදිනවා
පැතුමන් ගැනලා හැගුමන් මැකිලා තනිකම් දුක් විදිනවා
දුක උහුලන් මා ඉන්නම් යන විට ඔබ වෙන්වෙලා
ඔබ වෙන් වෙලා දැන් යයි කියා සිත කියනවා

කඳුලින් මේ දෑස පොඟවා //
තනිවී දුක් සුසුම් දරා.......


0 comments:

Post a Comment

 
Top