Advertise

මල් වයසේ මධු සිහිනේ
ආදර මාලිගයේ
පෙම් මදිරා ගඟ පිරිලා
උතුරා ගලා හැලේ
ජීවිතේ පුරා ආදරේ පෙරා
දැන් බොනු මැන ජය පානේ

බඹරෙකි කුසුමෙකි එක්ව ගී ගැයූ
මොණරෙකි උරගෙකි නෑ වෙලි රැඟූවේ
බඹරෙකි කුසුමෙකි එක්ව ගී ගැයූ
මොණරෙකි උරගෙකි නෑ වෙලි රැඟූවේ
සඳවට පරයන පුංචි කැකුළු මල
එනු බොමු ජයපානේ
සඳවට පරයන පුංචි කැකුළු මල
එනු බොමු ජයපානේ

මල් වයසේ මධු සිහිනේ
ආදර මාලිගයේ
පෙම් මදිරා ගඟ පිරිලා
උතුරා ගලා හැලේ
ජීවිතේ පුරා ආදරේ පෙරා
දැන් බොනු මැන ජය පානේ

අදුරු ගැබේ කඳූ මුදුනේ
පායන සඳ වැන්නේ
අඳුරු මගේ හද මුදුනේ
අද පායා පන්නේ...
නුරා රැඟුම් ලොල්
හදවත් සසලයි ආදර හිත නිසලයි
නුරා රැඟුම් ලොල්
හදවත් සසලයි ආදර හිත නිසලයි

මල් වයසේ මධු සිහිනේ
ආදර මාලිගයේ
දුක් නිවිලා සිත් නිවිලා
මල් වයසේ මධු සිහිනේ
ආදර මාලිගයේ
ආදරේ අදරේ ආදරේ...........

0 comments:

Post a Comment

 
Top