Advertise

සුමුදු සුමුදු රෝස පාට
තොල් පෙති ඔබෙ සිපගන්නට
ඔබේ මුවින් එකම වරක්
මට ආදරෙයි පවසන්නකෝ
මට ආදරෙයි කියන්නෙකෝ

මම ඔබ තුරුලේ පෙම්බස් දොඩමින් හිඳීන්නම්
ඔබ වෙනුවෙන් ලියු ගීයක් ගැන මා
ඔබේ කනට කොඳූරන්නම්
සොඳූරිය ඔබ මාහට ආදරයක් ඇතිනම්

ඈත පෙනෙන වළා පෙළට ගෙන යන්නම්
වළාපොටක් ගෙන ඔබ තුරුලට වී
ඔබේ වතේ දවටන්නම්
සොඳූරියෙ ඔබ මා හට අකමැත්තක් නැතිනම්

0 comments:

Post a Comment

 
Top