Advertise

හිරුට හොරෙන් සදුට හොරෙන්
තරු මල් උයනේ
ලොවට හොරෙන් සැදූ ලොවයි
අපේ ආදරේ

ඔබේ නුවන් තරු එළියෙන්
ඒ ලෝකයේ සිරි නරඹන්නම්
තවත් කුමටදෝ එළියක්
මගේ ලෝකයේ

ඔබේ වදන් අම සරයෙන්
ඒ ලෝකයේ ළඟ රැව් දේ නම්
තවත් කුමටදෝ මිහිරක්
අපේ ලෝකයේ

0 comments:

Post a Comment

 
Top