Advertise

දෑසේ මල් විලේ ආශා රොන් සැලේ
වෑහී ආදරේ චේතනා නෙත් දැලේ
ආශා විල් තෙරේ පායා රන් සදේ
ඡායා පාවෙනා මේ සැදෑ යාමයේ

සංසුන් නදී තෙරේ මේ මල් විමානයේ
ආරාධනා රැව් දෙනා යාමයේ
ආදරෙන් ළං වෙමූ

නිල්වන් වලා තලේ ඈතින් එහා ලොවේ
ගී ගායනා විසිරෙනා මේ රැයේ
ආදරෙන් හිනැහෙමූ

0 comments:

Post a Comment

 
Top