Advertise

සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට පතා ඔබෙන්

අද ඔබ නැති බිම තනිවී
සිත දවනා අඳුරු හැඟුම්
ඉවසන්නම් කවදා හෝ
ඔබ හිමිවේ නම්

අද තනි යහනක වැතිරී
රැය නොනිදා නැගෙන සුසුම්
විඳ ගන්නම් කවදා හෝ
ඔබ ලංවේ නම්

සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට පතා ඔබෙන්....

0 comments:

Post a Comment

 
Top