Advertise

නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වළා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වළා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා

කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවිර වෙලා
අන්ද මන්ද වී සිත්මල් තැඩී පොඩි වෙලා
බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලා වෙලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලා වෙලා

නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වළා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා

ලන්ද වනපෙතේ කෝකිල ගැයුම ගොළුවෙලා
මන්දහාසයෙන් පිපි මුව මඬල මැලවිලා
දැන්ද සුව ගෙනේ විඳි සුව හදට ලං වෙලා
සුන්දරයි කියා පැතු හැමදෙයම සුන්වෙලා
සුන්දරයි කියා පැතු හැමදෙයම සුන්වෙලා

නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වළා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා......

0 comments:

Post a Comment

 
Top