Advertise

කදූ පාමුල සිට දැහැනට සමවැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කදූ මුදුනේ සිට දිවැස් හෙළනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ

මිටියාවත් කඳු ශිඛර සිසාරා
සඳ බැසයන තුරු අවර වන පෙතින්
ඔබ කිවු රහසින් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මා දැන සිටියෙම්

ඇළ දොළ ගංගා සයුර සිසාරා
ඉර නැග එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මා දැන සිටියෙම්


කදූ පාමුල සිට දැහැනට සමවැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කදූ මුදුනේ සිට දිවැස් හෙළනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ

0 comments:

Post a Comment

 
Top