Advertise

නොකී රහසක් මතකයේ හිඳ තැවෙනවා
ඔබෙ සුවඳ මට දැනෙනවා දැනෙනවා
රැයේ ගණඳුර නැගෙන තනියට
සඳක් සේ ඔබ පිපෙනවා පිපෙනවා

මං ආදරෙයි මං ආදරෙයි
උමතුවෙන් මෙන්
ඔබේ සිත මා සොයනවා සොයනවා

පැතුම් වෙරළට සිතුම් රළපෙළ ඇදෙන්වා
සිතග කැලඹිලි නගනවා හැඟෙනවා
නිදන නින්දද මුදා හරිමින්
අවදිකොට මා තබනවා

මං ආදරෙයි මං ආදරෙයි
උමතුවෙන් මෙන්
ඔබේ සිත මා සොයනවා සොයනවා

දුරින් දුර ඇති තාරකා මල් දිලෙනවා
නෙතඟ ඒ මල් ලෙළෙනවා පෙනෙනවා
දකිනු රිසි ඔබෙ තාරකා ඇස්
මසිත මිහිරක් මවනවා මවනවා

මං ආදරෙයි මං ආදරෙයි
උමතුවෙන් මෙන්
ඔබේ සිත මා සොයනවා සොයනවා.......

0 comments:

Post a Comment

 
Top