Advertise

සිතුවිලි සිරවී හදවත පතුලින් ඉකිබිද වැළපෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ නෙත් අසරණ වෙනවා

ඔබේ සෙනෙහස දැක සැඟවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ
සුසුම් නිම්නයේ තනිවන්නට නම්
මේ ලෙස ඇයි අප හමුවන්නේ

මිලාන වූ මල් ඉකිබිද වැළපේ
විකසිත සුසුමන් හිනැහෙද්දී
ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
ඔබෙයි මගෙයි ලොව කදුළු දකී

0 comments:

Post a Comment

 
Top