Advertise

සදයි තරුයි නිසංසලේ අහස ගොළුවෙලා
ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනිවෙලා

මල් යායේ බමරු නටයි ලොවම ලස්සනයි
සිත් දෑලේ සිතුම් පෙළයි සිහින ලෝකයයි
බිඟු නාදේ මදු වෑහේ එකම ගීතයයි
මා දන්නේ ඔබ පමණයි එයම සිහිනයයි

කදු යායේ බොද මීදුම් සළු රටා දිගේ
දසුන් මැවේ මායාවකි එයද මට අගේ
හමු වූයේ වෙන්වන්නද හද සුසුම් නැඟේ
වෙන් වූයේ හමුවන්නද යළි සසර මඟේ

0 comments:

Post a Comment

 
Top