Advertise

සුන්දර රාත්‍රියක් මෙතරම්
කවදා උදාවේද නොදනිම්
ඔබගේ සුසුම් වලින් උණුසුම්
මහදේ කුසුම් පිපේ මනරම්

රහසේ තුඩ තුඩ ගාවා
තනියට වන බඹරුන් ආවා
අප සඳවතුරෙන් නහවා
රාත්‍රිය මෙලෙසම පවතීවා

අහසේ හිරු නොනැගේවා
අපගේ සිහිනය නොබිදේවා
පුර සඳ අහසින් එලවා
රාත්‍රිය දුක් ගිනි නොගෙනේවා

0 comments:

Post a Comment

 
Top