Advertise

නා මල් පිපිලා
මේ වැව් ඉව්රේ නා තුරු සෙවනැල්ලේ
මල් පාවඩ සැදිලා
බලා හිදින්නේ ඔබේ දෙපා පොඩි සිප ගන්නයි

පාළු සැදෑවේ මේ වැව් ඉව්රේ
මගේ දෙ‍නෙත් මග බලා සිටින්නේ
පුරා හදක් සේ වන ලිය අතරින්
ඔබේ සිනා වත පිපෙන තුරා

නීල තලාවේ මේ ගගුලැල්ලේ
රිදී කදන් සැලි සැලී රගන්නේ
නදී සදැල්ලේ රන් කම් විලසින්
ඔබේ දෙපා යුග නැගෙන තුරා

0 comments:

Post a Comment

 
Top